ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.
ද්විතීය නීතිය 4:36 - Sinhala New Revised Version උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි. Sinhala Revised Old Version උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය. |
ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක.
නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.
සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක.
සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය.
“එබැවින් ඔබ හැම සුපරීක්ෂාකාරී ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ ගිනි මැද සිට හොරෙබ් කන්ද මුදුනේ දී ඔබ හැම ඇමතූ විට ඔබ කිසි රූපාකාරයක් නුදුටුවහු ය.
ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?
පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.
ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්,
එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?