එසේ කෙළේ, ඔවුන් එතුමන්ගේ අණපණත් රක්ෂා කරන පිණිස ය, එතුමන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
ද්විතීය නීතිය 4:1 - Sinhala New Revised Version මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න. Sinhala New Revised Version 2018 මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න. Sinhala Revised Old Version ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න. |
එසේ කෙළේ, ඔවුන් එතුමන්ගේ අණපණත් රක්ෂා කරන පිණිස ය, එතුමන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය.
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදා නගරවලටත්, ජෙරුසලමේ වීදිවලටත් ගොස් මාගේ පණිවුඩය එහි ප්‍රකාශ කරන්න. එනම්, මාගේ ගිවිසුමේ නියමයන්ට සවන් දී ඒවාට කීකරු වන්න සෙනඟට කියන්න.
ඔවුන් මාගේ පණත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පණත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය.
“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය.
මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”
මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: “ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”
සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.
“ඔබ අතර දිවැසිවරයෙකු හෝ ස්වප්න තෝරන්නෙකු හෝ පහළ වී, ඔබට හාස්කමක් හෝ අරුමපුදුම දෙයක් හෝ පාන්නට යෝජනා කොට,
යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙදින දෙන පණත් ඔබ අනුගමනය කරන්නහු නම්, ඔබ ඒ රටේ පදිංචි වෙමින්, වැඩි වර්ධනය වී ජීවත් වන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින්, උන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද ව්‍යවස්ථා ද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.
මා ඔබ ඉදිරියෙහි ජීවනය හෝ මරණය ද ආශීර්වාදය හෝ සාපය ද අද තැබූ බවට, ඔබට විරුද්ධ ව සාක්ෂි දරන පිණිස අහසත්, පොළොවත් කැඳවමි. එබැවින් ඔබත්, ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරාගන්න.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.”
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය.
මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය: “ඉශ්රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්නට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන, ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.
ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”
“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපණත් ද නීති හා නියෝග ද මේවා ය.
තවද, අපට නිරතුරු සෙත සලසන පිණිස මේ නියෝග සියල්ල පිළිපැදීමටත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත් අපට අණ කළ සේක. එසේ කළොත්, අද දවසේ මෙන් උන් වහන්සේ අප පණපිටින් රකින සේක.
එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”
“සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී, ගණනින් වැඩි වී, එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අණපණත් ඔබ රක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.
“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.
“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න. ඔබ අද දින ජොර්දාන් ගඟින් එතෙර වී යා යුතු ය. ඔබ යා යුත්තේ, ගණනින් ඔබට වඩා විශාල වූ ද බලසම්පන්න වූ ද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නඟින පවුරුවලින් වට වූ විශාල නගර ආක්‍රමණය කරනු පිණිස ය.
එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, “මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ”යි කීවේ ය.