සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.
ද්විතීය නීතිය 34:10 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස් යවා මිසර දේශයෙහි ඵාරාවෝටත් ඔහුගේ සියලු මෙහෙකරුවන්ටත් ඔහුගේ මුළු දේශයටත් කෙරෙවුවාවූ ඒ සියලු ලකුණුද ආශ්චර්යද, |
සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.
යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.
මෝසෙස් ඉල්ලූ පරිදි උන් වහන්සේ ඉටු කළ සේක. ගෙවල ද ගෙමිදුල්වල ද කෙත්වල ද සිටි මැඩියෝ මැරුණාහ.
‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.
සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබ, මිසර දේශයෙහි පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් ද මුළු සෙනඟ ද ඉදිරියෙහි හාස්කම් සහ අරුමපුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.