මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය.
ද්විතීය නීතිය 25:12 - Sinhala New Revised Version ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය. Sinhala Revised Old Version ඇගේ අත කපාදමන්න, නුඹේ ඇස ඈ කෙරෙහි දයා නොකෙරේවා. |
මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය.
ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”
කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”
“මිනිසුන් දෙදෙනෙකු තමන් අතර දබර කරන කල එක් කෙනෙකුගේ බිරිඳ, තම සැමියාට පහර දෙන අනික් තැනැත්තාගෙන් ඔහු බේරාගැනීමට ළං වී අත දිගු කොට ඒ තැනැත්තාගේ රහසඟ ඇල්ලුවොත්,
උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.