“යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්,
පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්,
“යමෙකු තම වහල් දාසිය යම් කෙනෙකුට අනියම් බිරිඳ වශයෙන් විකුණන්නට පොරොන්දු වූ නමුත්, මේ තැනැත්තා ඈ සඳහා වන්දි මුදල නොගෙවා ද, ඈ නිදහස නොලබා ද සිටිය දී ඇගේ හිමියා ඈ සමඟ සයනය කළහොත්, දෙදෙනා ම මරණයට පත් නොකළ යුතු ය. එහෙත්, ඈ තවමත් ඔහුට අයිති බැවින් දෙදෙනාට ම දඬුවම් කළ යුතු ය.
කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන.
ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.