යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
ද්විතීය නීතිය 19:12 - Sinhala New Revised Version නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය. Sinhala New Revised Version 2018 නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය. Sinhala Revised Old Version ඔහුගේ නුවර වැඩිමහල්ලෝ එතැනින් ඔහු ගෙන්වාගෙන ඔහු මැරෙණ පිණිස ලෙයෙහි පළිය ගන්නාගේ අතට ඔහු පාවාදෙත්වා. |
යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබේ දාසියට විරුද්ධ ව නැඟිට, ‘සිය සහෝදරයා මැරූ මිනිසා එසේ කළ බැවින් අප ඔහු මරා දමන පිණිස අපට භාර දෙන්න. මෙසේ අපි උරුමකරුවාත් විනාශ කරමු’යි කියති. මෙයාකාරයෙන් මාගේ පුරුෂයාට මිහි පිට නාමයක් වත්, දරුවෙකු වත් නොපවතින ලෙස, ඔවුන් මට ඉතිරි ව තිබෙන ගිනි අඟුර නිවනු ඇතැ”යි කීවා ය.
එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
“එහෙත් යමෙකු අනෙකකුට වෛර බැඳ, ඔහු එන තෙක් රැක සිට, ඔහුට විරුද්ධ ව නැඟිට, මැරෙන්නට පහර දී, ඒ නගරවලින් එකකට පලා ගියොත්,
ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”