කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: “මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.
ද්විතීය නීතිය 1:12 - Sinhala New Revised Version ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද? Sinhala New Revised Version 2018 ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද? Sinhala Revised Old Version මම වනාහි තනියම නුඹලාගෙන් පැමිණෙන වෙහෙසත් බරත් නුඹලාගේ විවාදත් කෙසේ දරම්ද? |
කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: “මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.
ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක.
විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද?
එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය.
ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.
එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.