බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
තීතස් 1:3 - Sinhala New Revised Version උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී. සිංහල කාලීන පරිවර්තනය නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි. Sinhala New Revised Version 2018 උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, |
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.
ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
මේ රජවරු දෙදෙනා ම වංචා සහගත සිත් ඇති ව එක මේසයේ හිඳගෙන ඔවුනොවුන්ට බොරු කියන්නෝ ය. එහෙත්, එයින් කිසි වැඩක් වන්නේ නැත. මන්ද, නියමිත කාලයක් පැමිණෙන්නට තිබෙන බැවිනි.
ඒ රාජ්‍යවල පාලනය අවසානයේ දී අපරාධකාරයන්ගේ පාප ඉහළට ම නැඟුණු කල, රෞද්‍ර පෙනුමක් ඇති, කපටි නුවණක් ඇති රජ කෙනෙක් පැම්ණෙන්නේ ය.
“නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.
එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.
උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.
ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.
දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක.
දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත.
අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක.
මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය.
එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.
දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.
එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.
මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.
එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.
ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.
එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු.
අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.
මට භාර දෙන ලද ආශීර්වාදලත් දෙවියන් වහන්සේගේ මහිමාන්විත සුබ අස්න ප්‍රකාශ කරන සම්‍යක් ධර්මයට විරුද්ධ වූ අනෙකුත් හැම දේ කරන්නන් ද උදෙසා ය.
අප වෙහෙස වන්නේත්, සටන් කරන්නේත්, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් අදහන්නන්ගේ, මිදුම්කාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය.
එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.
එසේ ම, සොරකම් නොකොට, සම්පූර්ණ විශ්වාසය ඇති ව සිටිමින් හැම අයුරින් ම අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ධර්මය බැබළවිය යුතු බව ඔවුන්ට උගන්වන්න.
එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.