ජොයෙල් 2:6 - Sinhala New Revised Version උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. Sinhala New Revised Version 2018 උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. Sinhala Revised Old Version උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ. |
ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය. ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.
පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද?
“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.
දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය. ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය. ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.
නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි.
සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගොදුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය.