දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
යෝබ් 8:12 - Sinhala New Revised Version අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත. Sinhala New Revised Version 2018 අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත. Sinhala Revised Old Version ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය. |
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
“මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද? ගොහොරු බිමක් නැති තැන වැටකෙයියා වැවෙනු ඇද් ද?
දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ. දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.
ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
මන්ද “සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි,