ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 42:3 - Sinhala New Revised Version

මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 42:3
9 හුවමාරු යොමු  

ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?


එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.


“බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි.


“අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?


එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.


සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.


මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය.


දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය.