යෝබ් 21:7 - Sinhala New Revised Version දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද? Sinhala New Revised Version 2018 දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද? Sinhala Revised Old Version දුෂ්ටයන් ජීවත්වෙන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද? |
කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද?
දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.
නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ.
මිහි මත දක්නට ඇති නිසරු දෙයක් වේ. එනම්, පවිටුන්ට සිදු විය යුතු දෙය දමිටුන්ට ද දමිටුන්ට සිදු විය යුතු දෙය පවිටුන්ට ද සිදු වීම ය. මෙය ද නිසරු දෙයකි.
මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය.
නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?