ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 10:12 - Sinhala New Revised Version

ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.

පරිච්ඡේදය බලන්න



යෝබ් 10:12
6 හුවමාරු යොමු  

ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින්, මාගේ පණ බේරාගැනීමට මට මඟපෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත්, කඳුකරයට පලායාම නම් මට නොහැකි ය. මඟ දී කිසි යම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන.


ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.


දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.


“එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද?


උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.


“මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’