යෝනා 4:4 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක. Sinhala Revised Old Version නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක. |
එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.
එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය.
එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.
“මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද? මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද? මට පිළිතුරු දෙන්න.
“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.
මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.