යෙරෙමියා 8:16 - Sinhala New Revised Version දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.” Sinhala New Revised Version 2018 දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ නාසයෙන් නගන ප්‍රබල හඬ අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.” Sinhala Revised Old Version දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය. |
ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”
බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය.
“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.
සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.
“අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්, රථවල සට සට යන ශබ්දයත්, රෝදවල ගිගුරුම් ශබ්දයත් ඔවුන්ට ඇසෙන්නේ ය. තමන්ගේ අත් දුබල වී ඇති බැවින් පියවරු තමන්ගේ දරුවන් දෙස ආපසු හැරී නොබලන්නෝ ය.
ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.
ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.
පොළොව කම්පා වෙයි; වේදනාවෙන් මෙන් ඇඹරෙයි. මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.
ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”
කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි.
ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.
ඉශ්රායෙල්ට දාව උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝ ය. කලින් ඒ නගරයේ නම ලායිෂ් ය.
එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.