ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.
යෙරෙමියා 52:19 - Sinhala New Revised Version තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය. Sinhala New Revised Version 2018 තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය. Sinhala Revised Old Version තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය. |
ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.
තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.
“නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, “මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත.
මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.