යෙරෙමියා 51:12 - Sinhala New Revised Version බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න. මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා; රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ. සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක. Sinhala New Revised Version 2018 බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න. මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා; රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ. සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක. Sinhala Revised Old Version බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක. |
සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
“පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න; රණ හොරණෑව පිඹින්න; ලකුණක් දෙන්න; ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.
සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
මිහි කත වැලපෙන්නී ය; අහස අඳුරු වන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ එය අදහස් කර ඇත; උන් වහන්සේ ආපසු බලන්නේ වත්, සිය අදහස වෙනස් කරන්නේ වත් නැත.
“ ‘බබිලෝනිය වැටී ඇත; බේල් ලජ්ජාවට පත් වී ඇත; මෙරොදක් කැළඹී සිටියි; ඇගේ දේව රූප නින්දාවට ලක් වී ඇත. ඇගේ රූප කැළඹීමට පත් වී ඇත’ යන ආරංචිය ජාතීන් අතරේ පතුරුවන්න. එය ප්‍රකාශ කරන්න; ධජ සංකේතයක් නංවා එය නොසඟවා ප්‍රසිද්ධ කරන්න.
මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි. මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.
“සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක. මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි. පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න; පලිස් සූදානම් කරගන්න.
“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.
පොළොව කම්පා වෙයි; වේදනාවෙන් මෙන් ඇඹරෙයි. මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.
සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.
මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.
නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.
ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය.