ඔව්හු නගර වනසා, රටේ හොඳ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.
යෙරෙමියා 48:31 - Sinhala New Revised Version එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි. Sinhala New Revised Version 2018 එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි. Sinhala Revised Old Version එබැවින් මෝවබ් ගැන කෑමොරගසන්නෙමි; එසේය, මුළු මෝවබ් ගැන කෑගසන්නෙමි. කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැන ඔව්හු වැලපෙන්නෝය. |
ඔව්හු නගර වනසා, රටේ හොඳ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.
මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
“ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන ද කීර්-හෙරෙස් ගැන ද නළාවක් මෙන් දුක් හඬ නඟයි. මන්ද, ඔවුන් උපදවාගත් සම්පත් නැති වී ගොස් ඇත.