මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
යෙරෙමියා 42:17 - Sinhala New Revised Version මිසරයෙහි ජීවත් ව සිටින පිණිස එහි යන්නට අදිටන් කරගන්න සියලු ම මිනිස්සු කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන විපත්තියෙන් ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නෝ ය. Sinhala New Revised Version 2018 මිසරයෙහි ජීවත් ව සිටින පිණිස එහි යන්නට අදිටන් කරගන්න සියලු ම මිනිස්සු කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන විපත්තියෙන් ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නෝ ය. Sinhala Revised Old Version මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය. |
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.
එම්බා, ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස, සමිඳාණන් වහන්සේගේ වචනය අහන්න. මෙසේ වදාරන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා මිසර දේශයට පා තබා එහි ගොස් ජීවත් වන්නට ඉටාගන්නහු නම්,
ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.
එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.
නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.