තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය.
යෙරෙමියා 41:4 - Sinhala New Revised Version ගෙදලියා මරනු ලැබූ දිනට පසු දින කිසිවෙකු ඒ ගැන දැනගන්නට පෙර, Sinhala New Revised Version 2018 ගෙදලියා මරනු ලැබූ දිනට පසු දින කිසිවෙකු ඒ ගැන දැනගන්නට පෙර, Sinhala Revised Old Version ගෙදලියා මැරුවායින් පසු දෙවෙනිදා කිසිවෙක් නොදැන සිටිද්දී, |
තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය.
ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.
ගාත් නුවරට ගෙනෙන පිණිස දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතුරු කෙළේ නැත. මන්ද, “දාවිත් මේ මේ ආකාර දේ කෙළේ ය කියා ඔවුන් අපට විරුද්ධ ව කරුණු දන්වන්නට පුළුවනැ”යි ඔහු සිතූ බැවිනි. දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූ මුළු කාලය තුළ ක්‍රියා කෙළේ මේ ආකාරයෙනි.