යෙරෙමියා 39:11 - Sinhala New Revised Version ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, Sinhala New Revised Version 2018 ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, Sinhala Revised Old Version ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්: |
පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක; පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත;
ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා!
මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.
මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
එහෙත්, ඔහු වත්, ඔහුගේ සේවකයෝ වත්, දේශයේ සෙනඟ වත් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයා වන ජෙරමියා මඟින් ප්‍රකාශ කරන ලද උන් වහන්සේගේ වචනවලට සවන් නුදුන්නෝ ය.
රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන් ජෙරමියා අල්ලා රාමායෙන් නිදහස් කර හරිනු ලැබූ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. බබිලෝනියට ගෙන යන පිණිස ජෙරුසලමෙන් ද ජුදා රටෙන් ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ජෙරමියා ද දම්වැල්වලින් බැඳ තබන ලදී.
ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”
තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.
තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය.