ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 38:27 - Sinhala New Revised Version

එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට සියලු අධිපතීහු යෙරෙමියා ළඟට ඇවිත් ඔහුගෙන් විචාළෝය. රජු අණකළ මේ සියලු වචනවල හැටියට ඔහු ඔවුන්ට දැන්නුවේය. ඔව්හු නිශ්ශබ්දවී ඔහු වෙතින් ගියෝය; මක්නිසාද ඒ කාරණය දැනගන්ට යෙදුණේ නැත.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 38:27
7 හුවමාරු යොමු  

එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.


එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්,


‘මා ජොනතන්ගේ ගෙයි නසින්නට එහි මා නැවත නොඅරින ලෙස මාගේ බැගෑපත් කන්නලව්ව රජු ඉදිරියෙහි ඔප්පු කෙළෙමි’යි කියන්නැ”යි ජෙරමියාට කීවේ ය.


මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.


සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, “සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය.