වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
යෙරෙමියා 36:8 - Sinhala New Revised Version නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය. Sinhala New Revised Version 2018 නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය. Sinhala Revised Old Version නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියා තමාට අණකළ සියල්ල ලෙස කරමින්, ස්වාමීන්වහන්සේගේ වචන ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පොතෙන් කියෙවුවේය |
වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.
මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේ දී ද ඔප්පුවට අත්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේ දී ද හිරගෙයි මළුවේ හිඳගෙන උන් සියලු ජුදෙව්වරුන් ඉදිරියේ දී ද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත් වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි.
එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.
එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.
එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැති ව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද, ඔහු මා වාගේ ම සමිඳාණන් වහන්සේගේ සේවකයෙකි.