අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.
යෙරෙමියා 32:32 - Sinhala New Revised Version එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය. Sinhala New Revised Version 2018 එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය. Sinhala Revised Old Version එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය. |
අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.
ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.
දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.
අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.
“ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.
අනේ ස්වාමීනි, ඔබේ සාධාරණකම අනුව, ඔබේ උදහසත් කෝපයත්, ඔබේ ශුද්ධ කන්ද වන, ශුද්ධ නුවර වන ජෙරුසලමෙන් පහ වේවා. මන්ද, අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා, මුළු ජෙරුසලම සහ ඔබේ සෙනඟ අප අවට සිටින සියල්ලන්ට නින්දාවක් වී ඇත.
ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.
අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.
සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය.