යෙරෙමියා 24:3 - Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි. Sinhala Revised Old Version එකල ස්වාමීන්වහන්සේ මට කථාකොට: යෙරෙමියා, නුඹට පෙනෙන්නේ මොනවාදැයි මාගෙන් ඇසූසේක. මමද: අත්තික්කාය; හොඳ අත්තික්කා ඉතා හොඳය; නරක ඒවා නරක්කම නිසා කන්ට බැරි තරම් ඉතා නරකයයි කීමි. |
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි.
“ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. “ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, “මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි.
එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි.
“නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, “මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත.
“නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, “මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පොතක් මට පෙනේ ය”යි මම කීමි.
පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.