ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
යෙරෙමියා 23:8 - Sinhala New Revised Version ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.” Sinhala New Revised Version 2018 ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.” Sinhala Revised Old Version ඉශ්රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය.
“ ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා තවත් දිවුරන්නට නොහැකි කාලය පැමිණෙන්නේ ය.
ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය.
සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
“ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත.
‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.
මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”
දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මා විජාතීන් අතර විසිරී සිටින ඉශ්රායෙල් සෙනඟ රැස් කර, මා ශුද්ධවන්ත බව ඔවුන් මඟින් ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරු ජාකොබ්ට මා දුන් දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත.
මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පෝෂණය කරන්නෙමි.
එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.
මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය.
මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය.
ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
දැන්, නුඹලා ඔවුන් විකුණා ඇති පළාත්වලින් මම ඔවුන් මුදාගෙන එන්නෙමි. නුඹලා ඔවුන්ට කළ දේ මම නුඹලාට ම පල දෙන්නට සලස්වන්නෙමි.
විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.