මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
යෙරෙමියා 23:34 - Sinhala New Revised Version එහෙත්, දිවැසිවරයෙකු හෝ පූජකයෙකු හෝ සෙනඟගෙන් කෙනෙකු හෝ, ‘සමිඳාණන් වහන්සේගේ වචනය සිතට බරක් ය’යි කීවොත්, මම ඔහුටත්, ඔහුගේ පවුලටත් දඬුවම් කරමි. Sinhala New Revised Version 2018 එහෙත්, දිවැසිවරයෙකු හෝ පූජකයෙකු හෝ සෙනඟගෙන් කෙනෙකු හෝ, ‘සමිඳාණන් වහන්සේගේ වචනය සිතට බරක් ය’යි කීවොත්, මම ඔහුටත්, ඔහුගේ පවුලටත් දඬුවම් කරමි. Sinhala Revised Old Version ප්‍රොපේත කෙනෙක් හෝ පූජකයෙක් හෝ සෙනඟගෙන් යමෙක් හෝ ස්වාමීන්වහන්සේගේ බරයයි කීවොත්, මම ඒ මනුෂ්‍යයාටත් ඔහුගේ පවුලටත් දඬුවම්කරන්නෙමි. |
මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.
තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය.