ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 23:23 - Sinhala New Revised Version

“මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 23:23
7 හුවමාරු යොමු  

තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.


මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක.