ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.
යෙරෙමියා 22:6 - Sinhala New Revised Version “ජුදා රජ මැදුර ගැන සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ගිලියද් දේශය මෙන් ද ලෙබනොන් කඳු මුදුන මෙන් ද එය මට පියකරු ය. එහෙත්, මම එය කාන්තාරයක් ද වැසියන් නැති නගරයක් ද කරන්නෙමි. Sinhala New Revised Version 2018 “ජුදා රජ මැදුර ගැන සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ගිලියද් දේශය මෙන් ද ලෙබනොන් කඳු මුදුන මෙන් ද එය මට පියකරු ය. එහෙත්, මම එය කාන්තාරයක් ද වැසියන් නැති නගරයක් ද කරන්නෙමි. Sinhala Revised Old Version මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි. |
ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.
මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය. කිහිරි ගස් මෙන් අසමසම ය.
බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත; පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.
නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න.
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි.
“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.
විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.
සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.
නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත. ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය. එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.
එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.
ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.
“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට
එබැවින් ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රට ද දැකුම්කලු කඳුකරය ද ලෙබනොන් දේශය ද දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව’යි ඉල්ලීමි.