“නුඹලා උදෙසා සාදාගත් දෙවිවරු කොයි ද? නුඹලා විපතට පත් වී සිටින විට ඔවුන්ට හැකි නම්, ඔව්හු නුඹලා ගළවා ගනිත් වා! එම්බා ජුදාව! නුඹට නගර ඇති පමණට නුඹට දෙවිවරු ද සිටිති.
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.
නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”
ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි.
එවිට ජුදා සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද ඔවුන් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පු කරන දෙවිවරුන් වෙත ගොස් මොරගසනු ඇත. එහෙත්, මේ විපත පැමිණිවිට ඒ දෙවිවරුන්ට ඔවුන් ගළවන්නට කොහෙත් ම නොහැකි ය.
ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.
අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?
ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?
ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.
එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද?
නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.