ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 19:12 - Sinhala New Revised Version

මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් එසේකොට, මේ නුවර තෝපෙත් මෙන් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 19:12
4 හුවමාරු යොමු  

සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි; පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි; එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක.


එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, “එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත.


යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”