එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
යෙරෙමියා 13:18 - Sinhala New Revised Version රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක. Sinhala New Revised Version 2018 රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක. Sinhala Revised Old Version නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න. |
එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.
ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී,
ඔහුගේ යාච්ඤාව ද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් හැටි ද ඔහුගේ සියලු පාපයන් ද ඔහුගේ ද්‍රෝහිකම් ද ඔහු යටහත් වන්න පළමුවෙන් ඔහු ඉදි කළ කඳු මත පූජාස්ථාන ද අෂේරා කප් කණු සහ කැපූ රූප සිටෙවූ ස්ථාන ද දර්ශකයන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ.
ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය.
මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි.
නුඹත්, නුඹ වැදූ නුඹේ මවුත් නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි. එහි දී නුඹලා මැරෙනු ඇත.
ඔහු එය ලියුවේ ජෙකොනියා රජු ද මවු බිසව ද නපුංසකයන් ද ජුදා හා ජෙරුසලමේ අධිපතීන් ද කම්මල්කාරයන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් පිටත් ව ගිය පසු ය.
තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, “අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය.
සියොන් පුරඟනගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත. ඇගේ අධිපතීහු ගොදුරු නැති මුවන්ට සමාන ය. ලුහුබැඳ එන්නා කෙරෙන් පලා යමින් ඔවුහු බෙලහීන වී සිටිති.
ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය. ඇගේ වැටීම භයංකර ය. ඈට සැනසිලිකාරයෙක් නැත. සමිඳුනි, මාගේ දුක බැලුව මැනව. මන්ද, සතුරා ජය ගෙන ඇත.
සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.
ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කිරීටය ගලවා දමන්න; ඔටුන්න ඉවත් කරන්න; මෙය තිබුණ අන්දමට ම නොවන්නේ ය. පහත් දේ උසස් කරන්න; උසස් දේ පහත් කරන්න.
නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”
නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.
ඔවුන්ගේ හිස් පිට හණ තොප්පි ද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම් ද තිබේ වා. ඩහදිය හටගන්වන දෙයක් පොරවා නොගනිත් වා.
එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.
ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය.
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.