ගීතාවලිය 68:15 - Sinhala New Revised Version බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි. Sinhala New Revised Version 2018 බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි. Sinhala Revised Old Version බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය; බාෂාන් කන්ද උස් කන්දක්ය. |
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
අපි බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජධානියට අයත් මිටියාවතේ වූ සියලු නගර ද, සලෙකා සහ එද්රෙයි යන නගර දක්වා මුළු ගිලියද් ප්‍රදේශය හා බාෂාන් ප්‍රදේශය ද අල්ලා ගතිමු.
අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.