ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 68:14 - Sinhala New Revised Version

සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක; එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක; එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 68:14
10 හුවමාරු යොමු  

ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.


එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී.


ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.


අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.