ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 55:3 - Sinhala New Revised Version

සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 55:3
12 හුවමාරු යොමු  

අබ්සලොම් ඔහු අමතා, “බලන්න, ඔබේ පැමිණිල්ල හොඳ ය. සාධාරණ ය. එහෙත්, ඔබේ ඒ පැමිණිල්ල අසන පිණිස රජු විසින් පත් කරන ලද කෙනෙක් නැතැ”යි කීවේ ය.


රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නො‍කළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නො‍සැලකුව මැනව; එය සිතට නො‍ගත මැනව.


අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”


වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.


මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.


අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.


විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.


“දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක. ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.


ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.


නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ.