ගීතාවලිය 35:3 - Sinhala New Revised Version හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව. Sinhala New Revised Version 2018 හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව. Sinhala Revised Old Version හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව. |
ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.
මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”