එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!
ගීතාවලිය 119:38 - Sinhala New Revised Version ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව. Sinhala New Revised Version 2018 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව. Sinhala Revised Old Version ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව. |
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!
මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
දෙවියන් වහන්සේගේ සියලු ම පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ‘ඔව්’ යන්න ක්‍රිස්තුන් වහන්සේ වන සේක. දෙවියන් වහන්සේට ගරු බුහුමන් කරන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ තුළින් ‘ආමෙන්’ කියන්නේ ඒ නිසා ය.