ගීතාවලිය 106:3 - Sinhala New Revised Version යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය. Sinhala New Revised Version 2018 යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය. Sinhala Revised Old Version යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය. |
සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.
දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක; අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක; ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු. අපට ගැළවීම ලැබේ ද?
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.
උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය.
ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.
ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.
“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.
එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.
ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය.
ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.