ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 103:10 - Sinhala New Revised Version

එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 103:10
8 හුවමාරු යොමු  

ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී,


එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.


එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.


ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.


සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?


“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.


සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.