මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි. මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.
මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.
මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.
මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;
සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
සතුටු සිත මහා ඖෂධයකි; බිඳුණු සිතකින් ඇඟපත වැහැරී යයි.
දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය. ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය. ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.
එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය.