ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි.
ගලාති 3:9 - Sinhala New Revised Version මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඇදහිල්ලෙන් වූවෝ, ඇදහිල්ලේ මනුෂ්‍යයා වූ ආබ්‍රහම් සමඟ ආශිර්වාදය ලබති. Sinhala New Revised Version 2018 මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. Sinhala Revised Old Version මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. |
ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි.
ඔහු චර්මඡේදනය පසුව ලැබුවේ, චර්මඡේදනය නොලබා සිටි අවස්ථාවේ දී, ඔහුගේ ඇදහිල්ල දමිටුකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා දමිටු කරනු ලැබූ අය වශයෙන්, දෙවියන් වහන්සේ පිළිගත්, චර්මඡේදනය නොලැබූ අයගේ පියාණෝ ය.
මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
අප උදෙසාත් ය; අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ අදහන අප ද එසේ ම පිළිගනු ලැබ ඇත.
මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.