ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 9:10 - Sinhala New Revised Version

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලාගෙන්වත් නුඹලාගේ පරම්පරාවලින්වත් කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහු ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වාවා.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 9:10
15 හුවමාරු යොමු  

මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.


මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්,


සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව,


දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:


පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.


එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ.


එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය.