නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
ගණන් කථාව 6:12 - Sinhala New Revised Version මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත. Sinhala New Revised Version 2018 මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත. Sinhala Revised Old Version ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන්වහන්සේට වෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය. |
නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.
පසුව පූජකවරයා වන්දි ගෙවීමේ පූජාව පිණිස සිටින බැටළු පැටියා ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පූජාව ඔප්පු කරමින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.
“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.
පූජකවරයා ඉන් එකෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කොට, මළකඳ නිසා වූ පාපයට, ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කර, එදින ම ඔහුගේ කේශ කලාපය ඔහු යළි කැප කළ යුතු ය.
‘තමන් කැප වූ කාලය අවසාන වූ පසු, නාසරීයයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති වලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ
ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය.
මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි.
ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.