සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.
ගණන් කථාව 5:9 - Sinhala New Revised Version තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. Sinhala New Revised Version 2018 තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය. |
සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.
එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.
ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.
තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.
පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.
මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”
“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”
තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.
එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය.
ඔබ සතු ශුද්ධ දේවල් සහ බාර පමණක් රැගෙන සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට යා යුතු ය.