සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත.