ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 4:23 - Sinhala New Revised Version

අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 4:23
18 හුවමාරු යොමු  

ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.


දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.


ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.


“ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න.


මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය.


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.


වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.


සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?


දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු.


මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.


ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.


තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.


මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.