ගණන් කථාව 4:1 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: |
තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි.
එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත.
මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට, එය ගැලවිය යුත්තෝ ද වෙන තැනක එය සවි කළ යුත්තෝ ද ඔව්හු ය. අන් කිසිවෙකු ඊට ළං වුවහොත් ඔහු මරණයට පත් කළ යුතු ය.
සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.
“ලෙවීගේ පුතුන් අතරෙන් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පිය පෙළපත් අනුව සංගණනයක් ගන්න.