ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.
ගණන් කථාව 32:26 - Sinhala New Revised Version අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. Sinhala New Revised Version 2018 අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. Sinhala Revised Old Version අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය. |
ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.
එහෙත්, ඔබේ භාර්යාවන් ද සිඟිති දරුවන් ද මා දන්නා පරිදි ඔබ සතු බහුල ව සිටින ගවමහිෂයන් ද මා ඔබට දුන් නගරවල නැවතී සිටිය යුතු ය.
මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත.
එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.