ඔහුගේ පියාට සොහොයුරන් ද නැති නම් ඔහුගේ පියාගේ පවුලේ කිට්ටු ම නෑයෙකුට එය දිය යුතු ය. ඒ නෑයාට එය සින්නක්කරේට අයිති වනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම මෝසෙස් වන නුඹට අණ කළ පරිදි මේ ය. ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙය සදහට ම වලංගු නීතියක් විය යුතු ය”යි වදාළ සේක.
ඔහුගේ පියාගේ සහෝදරයනුත් නැත්නම් ඔහුගේ වංශයෙන් ඔහුට ළඟ නෑයාට ඔහුගේ උරුමය දෙන්න. ඔහුට ඒක හිමිවිය යුතුය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විනිශ්චය පිළිබඳ පනතක් වන්නේයයි කීසේක.
සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.
යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.
ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.
සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.
නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.
එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.