මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්;
ගණන් කථාව 26:4 - Sinhala New Revised Version “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ. Sinhala New Revised Version 2018 “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය. |
මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්;
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,
ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය;